
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මහවැලි කේන්ද්‍රයේදී පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
“මුලින්ම මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව වගේම සහ රාජකීය ආසියාතික සංගමයේ (RAS) සඟරාවල මුල් පිටපත් කිහිපයක් ලබා දීම පිළිබඳව ද ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා.
මෙම පොත්වල මුල් පිටපත් විශාල ප්‍රමාණයක් මගේ මවගේ පොත් එකතුවේ තිබුණා. එම පිටපත් ආයතන කිහිපයකට ලබා දීමට බලාපොරොත්තුවෙන් හිටියේ. එහෙත් අවාසනාවකට අරගලයත් එක්කම එම පොත් විනාශ වී ගියා. ඉතින් අරගලය සම්බන්ධව මෙතැන සිටින අයට තිබූ බය මටත් තේරුම්ගත හැකියි යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.


