ඉතිහාසය -සෞන්දර්ය අනිවාර්ය කර නෑ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි?දැයිගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චානක සම්පත් මාදුගොඩ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ආණ්ඩුව විසින් මුලින්ම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කළා.නමුත් අද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආ ගිය අතක් නැතිවෙලා.ඊට පස්සේ කිසිම සැලසුමක් නැතුව සත්ව සංගණනය පැවැත්වූවා. ඒකත් අසාර්ථක වුණා.

ඒ වැඩසටහන් වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් කඩිමුඩියේ අරඹන්න එපා.ඒ සඳහා ක්ෂේත්‍රය ගැන විශාල දැනුමක් තිබෙන උගතුන් සම්බන්ධ කරගෙන කාලයක් අරගෙන ඒ කටයුතු සිදු කරන්න.පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස්ද ගන්න.

ඉතිහාසය හා සෞන්දර්ය විෂය ගැන ගැටලුවක් මතුවුණා.ඉතිහාසය හා සෞන්දර්ය 10 -11 වසර වල අනිවාර්ය විෂයට ඇතුළත් කර නෑ.ඉතිහාසය අමතක කරන්න මෙතරම් තැත් කරන්නේ ඇයි? එමෙන්ම පාසලේ කාලය දීර්ඝ කිරීම ගැන අපේ එකඟතාවයක් නෑ. ඒ තුළින් දරුවන්ගේ සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.