ඉතාලියේ සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙක් කොරෝනා වැළඳී මියයයි


ඉතාලියේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියකු වන විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතා කොරෝනා වයිරසය ආසාදනය වී මියගියේය.

මිය යනවිට ඔහු 92 හැවිරිදි වියේ පසුවිය.

බාසිලෝනා නගරයේ 1992දී පැවති ඔලිම්පික් උලෙළෙහි ක්‍රීඩාංගණය, මිලානයේ ඔපෙරා වේදිකාව සහ 1990දී ලෝක පාපන්දු තරගාවලිය පැවති මරස්සි ක්‍රීඩාංගනය සැලසුම් නිර්මාණය කළ ගෘහ නිර්මාණ ශිල්පියා මොහුය.

නිව්මෝනියාව වැළඳී මිලාන් නුවර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  ඔහු මිය ගිය අතර, පසුව කොරෝනා වයිරසය ආසාදනය වී තිබූ බව සොයාගැනිණි.

ඔහුගේ සමීප ගෘහ නිර්මාණ ශිල්පියකු වන ස්ටෙෆානෝ බොයෙරි මහතා සඳහන් කළේ, ග්‍රෙගොටි මහතා අන්තර්ජාතික ගෘහ නිර්මාණ සැලසුම්කරණයේ විශේෂඥයකුව සිටි බවයි.

විට්ටෝරිඕ ග්‍රෙගොටි මහතාගේ බිරිඳ ද රෝහල් ගතකර සිටින බව වාර්තා වේ.

(මරස්සි ක්‍රීඩාංගණය)

(ඔපෙරා වේදිකාව)

(බාසිලෝනා ක්‍රීඩාංගණය)