
පොසොන් පුර පසළොස්වක පොහොය දින නිමිති කරමින් මිලානෝ රෝ නගරයේ පිහිටි MAK restaurant අධිපතිනියන් වන මිනෝලි ප්‍රනාන්දු හා අප්සරා හේරත් මහත්මියගේ පුද්ගලික මුදලින් හා එම කාර්ය මණ්ඩලය සහයෝගයෙන් ප්‍රථම වරට බුරියානී දන් සැලක් පැවැත්විණි.
මිලානෝ ධර්ම නිකේතන විහාරාධිපති,යුරෝපයේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී සුමංගල පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිගේ අනුශාසනයෙන් එහි වැඩම කර දෙහිවල ශ්‍රී පියරතනාරාමාධිකාරි, මහසෙන්ගම පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ දේශනා කළහ.
ජාති ආගම් පක්ෂ පාට බලය හා කුමන ප්‍රශ්න බේද තිබුණත් වෙසක්, පොසොන් පොහොය දින සිහිපත් කිරීමේ දන්සැල් පැවැත්වීමට සහභාගිවීමට පසුබට වෙන්නේ නෑ. මොකද ලෝකේ කොහේ සිටියත් ලාංකික අපගේ දන්සල් සංස්කෘතිය අපගේ ලේවලට බද්ධවලා තිබෙන දෙයක්, පන්සලන් අර්ථකථනය වෙන්නේ දානය දෙන ආපනශාලාව යනුවෙන් පොසොන් පුර පසළොස්වක පෝය දින නිමිතිකොටගෙන අද මේ ආපනශාලාවේ ආහාර නොමිලේ දීම දන්සලක් යනුවෙන් හඳුන්වනවා.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කිරීමට හා මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිහිපත් කිරීම උදෙසා කිසිම පැකිලීමකින් තොරව ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් මේ රටවල මෙවැනි දන්සල් පවත්වනු ලැබීමත් මේ සදහා අනුශාසනා දීමට මහා සංඝරත්නය වැඩම සිටීමත් මහත් භාග්‍යක්.
ගරුතර සංඝරත්නය වැඩම කළ පසු පළමුව පන්සිල් සමාදන්ව අනතුරුව දානය මහා සංඝ රත්නයට පිළිගැන්වීමෙන් අනතුරුව පැමිණෙන සිටි දහස්සංඛ්‍යාත ඉතාලි ජාතිකයන්ට හා ලාංකිකයන් පිරිසක මහා දන් සල විවෘත කෙරිණි.






