(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතුවෙන් එම පූජාව සිදු කරමින් සිටි පුද්ගලයෙකු අද (27) මියගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නානුඔය, ග්ලාස්ගෝ වත්තේ පදිංචිව සිටි එම්. සදාසිවම් (60) නැමති අයෙකු බව පොලීසිය කියයි.
එම වත්තේ වාර්ෂිකව මෙම දේව පූජාව සිදු කරනු ලබන බවත් රාත්‍රිය පුරා පැවැති ආගමික කටයුතුවලින් අනතුරුව උදෑසන එම ඉණිමග ඔස්සේ ඉහළට නැග ආගමික කටයුතු සිදු කරමින් සිටියදී මෙම පුද්ගලයා ඉන් පහළට ඇද වැටීමෙන් මරණයට පත්ව ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.