ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් ඉවත් කළ නිලධාරියා දිවිනසා ගැනීමට අවසර ඉල්ලයි


(යොහාන් භාසුර)

මාලබේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන නීතිඥා බී.ඒ.ඩබ්ලිව්. අබේවර්ධන මහතා සියදිවි නාසාගැනීමට පාරිලිමේන්තුවේ අවසර ඉල්ලමින් ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට ලිපියක් යොමු කර තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වසර 25 ක පමණ කාලයක් සේවය කර ඇති අබේවර්ධන මහතා එම කාලය තුළ දූෂණ වංචා සිද්ධි රැසක් හෙලිකිරීමට සමත්ව ඇති අතර හන්තාන ප්‍රදේශයේ රජයේ ඉඩමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ වංචාවක් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් හේතුවෙන් ඔහුව එහි සේවයෙන් ඉවත් කර තිබේ.

මෙම ඉවත්කිරීම හේතුවෙන් ජනතා බදු මුදලින් අධ්‍යාපනය ලැබීම වෙනුවෙන් වැය වූ රජයේ මුදල්වලට ණය ගෙවීමට නොහැකි වීම නිසා සිය දිවිනසාගැනීමට තීරණය කළ බවත් මෙරට ජනතාවගේ බදු මුදලින් හෝඩියේ සිට උසස් පෙළ දක්වාත් අනතුරුව පේරාදෙණිය සහ කොළඹ යන විශ්විද්‍යාලත් විදෙස් රටවලත් දීර්ඝ කාලයක් අධ්‍යාපන ලැබීම හේතුවෙන් තමන් මෙරට බදු ගෙවන ජනතාවට බරපතල ලෙස ණය වී ඇති බව ද එම ලිපියේ සඳහන් වන බව වාර්තා වේ.

මෙම ලිපියට පාර්ලිමේන්තුව හෝ ජනාධිපතිවරයා කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා යොමුකර නොමැති බව ද දැනගන්නට තිබේ.