ඉඩම් ආරවුල මරණයෙන් කෙළවර වෙයි


(සුමිත් පොතුපිටිය සහ  ප්‍රේමතිලක පෙරමුණ )

වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය , බෙල්ලන , මවතවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි  පුද්ගලයකු බව පොලිසිය කීය.

බදුරලිය, බෙල්ලන, මාවතගේ ප්‍රදේශයේ  පදිංචිව සිටි 59 හැව්රිදි  දොන් කිත්සිරි ධර්මප්‍රිය යන අය ඊයේ රාත්‍රි හදිසියේ අසනීපව බදුරලිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

ඒ සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් මත මියගොස් ඇති තැනැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා ඉඩම් ආරවුලක් සම්බන්දයෙන් ආරවුලක් පැවත එහිදී ගෙලමිරිකා  ඇති බවට හෙලිව සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.‍

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි . බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.