ඩී. ජී. සුගතපාල
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13) නියෝග කළේය.
එම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේ තවමත් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීම නිසා මෙසේ කල් තබා ඇත.
ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා වු ගෙනඩි ගැව්රිලොව්, පාවෙන අවි ගබඩාවේ අවි භාරකරු වන ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එහි මෙහෙයුම් කළමනාකරු වන සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පළමු සැකකරුගේ නීතීඥවරයා කරුණු දක්වමින් කියාසිටියේ ඔහු මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති බවය. දෙවන හා තුන්වන සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන්ද කියා සිටියේ මෙම ගිනි අවි සම්බන්ධයෙන් නීත්‍යනුකුල ලියවිලි තිබූ බවයි.