ඇල්ලෙවෙල ඇල්ලේ සැඟවුණ සිරුරු හමුවෙයි


(අයි.ආර් ඉන්දික සහ ඉන්දිකා රාමනායක )

වැල්ලවාය, ඇල්ලේවල දිය ඇල්ලේ  දිය නෑමට ගොස් අතුරුදන් වී සිටි තරුණයන්  සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුර අද (22)  නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් සොයාගත් බව වැල්ලවාය පොලීසය කියයි.

අතුරුදන්වූ එක් තරුණයකුගේ සිරුරක් ඊයේ(21) සොයාගෙන තිබිණි. සිරුරු ඇල්ලට පහළින් ගල්වළක ගල්වළක තිබියදී  සොයාගත් බවද පොලීසිය කියයි.

සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂ වැල්ලවාය මූලික රෝහලේ සිදු කෙරෙමින් පවතී .