ඇල්ල සංචාරක කලාපය සති දෙකක් වහයි


(රංජිත් කරුණාවිර) 

 

ඇල්ල ප්‍රධාන සංචාරක කලාපය තාවකාලිකව සති දෙකකට  වසා දැමීමට තීරණය කළ බව ඇල්ල ප්‍රාදේශීය සභාපති බී.එම් යු.බී බස්නායක මහතා පැවසීය.

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් හා සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇල්ල ප්‍රාදේශීය සභාවේ දී අද (16) මෙසේ ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ කීය.

‘දැනටමත් කිතල් ඇල්ල සංචාරක කලාපය වසා දැමීමට අපි කටයුතු කරලා තියෙනවා. ඇල්ල වෙළෙද සංගමය සමඟ කතා කළා ඇල්ලේ සියලු සංචාරක ආයතන වසා දමන්න. දැනටමත් ප්‍රධාන පෙළේ සංචාරක ආයතන කිහිපයක් අපේ නියෝග ක්‍රියාත්මක කරමින් වසා දමා තියෙනවා. මම හිතනවා ඉදිරි දවස් කිහිපයේ දී අනෙකුත් සියලු සංචාරක ආයතනත් වසා දැමීමට ප්‍රදේශයේ හා රටේ ජනතාවගේ  ආරක්ෂාව  තහවුරු කරන්න අපට හැකි වේවි කියලා. රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කළ යුතුව තිබෙන නිසා මෙම තීරණය අපට ගන්න සිදුවුණා.’