
(රෝහණ සමරවීර සහ යොහාන් භාසුර)
ඇඹිලිපිටියේ රෝහල් පාර ආසන්නයේ දෙමහල් නිවසක ඉහළ මහලයේ විකිණීම සදහා සකස්කරමින් තිබූ වියළි ගංජා කිලෝ 1220 අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු රහසිගතව තොරතුරක් ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා දැනුම් දීමෙන් අනතුරුව ඒ මහතාගෙන් ලැබුණු උපදෙත් අනුව මෙහෙයුම සිදුකළ බවත් පොලිසිය එම නිවස වටලා ගංජා තොගය තිබු ස්ථානයට යන විට පුද්ගලයන් තිදෙනකු එම ගංජා තොගය කිරා මැණ බලමින් අසුරමින් කරමින් සිටි බව පොලිසිය කියයි.
එම ස්ථානයේ ගංජා තොගයට අමතරව යාන්ත්‍රික තරාදි දෙකක්ද තිබී තම බාරයට ගත් බවත් එම ගංජා තොගය වෙනත් ජාවාරම් කරුවකුට අළෙවි කිරීම සදහා සූදානමින් සිට ඇත.

