(ඩී.ජී.සුගතපාල)
ඇඳිරි නීතිය කඩ කරමින් කසිප්පු තිප්පොළකට ගොස් මත්පැන් රැගෙන එමින් සිටි පුද්ගලයෙකු අද(21) අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා අක්මීමණ පොලිස් වසමේ තොටගොඩ ප්‍රදේශයේ කසිප්පු තිප්පොලකට ගොස් කසිප්පු පැකැට්ටුවක් රැගෙන එමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැවසුවේ ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනාව මත ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කරන බවය.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල රංජිත් මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

