ඇඳිරි නීතිය කඩකරමින් මත්පැන් පානය කරමින් සිටි 8 ක් අත්අඩංගුවට


(සිරිනිහාල් ගමගේ)                           

ඇඳිරි නීතිය කඩ කරමින් කසිප්පු තිප්පොළක මත්පැන් පානය කරමින් සිටි අට දෙදෙනකු අද (21) අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පැවසීය.

තෙලිකඩ රෙජ්ජිපුර ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් අට දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ තවත් පිරිසක් පලාගිය බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බද්දේගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව තෙලිකඩ පොලිසිය කීය.