ඇඳිරි නීතිය කඩ කළ 180 ක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 180 ක් අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී සේනාරත්න මහතා පැවසීය.

ඊයේ (20) පස්වරු 6.00 සිට අද රාත්‍රී 9.00 දක්වා කාලය තුළ තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය.

ක්‍රීඩා පිටි වල සෙල්ලම් කිරීම , වාහන වලින් ගමන් කිරීම , වෙළෙඳාම් කිරීම සහ බීමතින් මාර්ගයේ ගමන් කිරීම යන  කරණු  යටතේ  ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.