( තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසය ආසාදනය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවයේ කනිෂ්ඨ ගුවන් නියමුවා සමඟ කටයුතු කළ ගුවන් යානා කාර්යය මණ්ඩල තුනකට අයත් සාමාජිකයන් මේ වනවිට තම නිවෙස්වල ස්වයං නීරෝධායන කටයුතුවල නියැලී සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා කීය.
මෙම නියමුවා අවසන් වරට සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත තම ගුවන් යානය පදවා ගෙන පැමිණ ඇති බව ද
දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.
අදාළ නිලධාරියා පසුගිය සති අන්තයේදි 14 සහ 15 දෙදින සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු කර ඇති බවද හෙතෙම කීය .එහෙයින් එම මධ්‍යස්ථානයේ නිසි විෂබීජහරණය කරන තෙක් එම ගුවන්යානා පුහුණු මධ්‍යස්ථානයේ සිමියුලේටර් අංගනයේ සියලුම කටයුතු නවතා දැමූ බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියයි.
එසේම මෙම තත්ත්වය හමුවේ සිය සමාගමේ ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීමට අවශය සියලුම පූර්වාරක්ෂක කටයුතු සිදු කරන බව ගුවන් සේවා සමාගම කියා සිටී.

