ආරවුල මරණයෙන් කෙළවර වෙයි


(දයාරත්න බණ්ඩාර)

දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක්  දිග දුර ගොස්  ඇතිවු  බහින් බස්වීමකදී  එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින්  පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව  කෑගල්ල  මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි  කෑගල්ල පොලිසිය පැවසිය.

මරණයට පත් වී ඇත්තේ දීවෙල පල්ලේගම පදිංචිව සිටි ලියනගේ කපිල සමන් කුමාර (48) නැමැති අයෙකි.

කලක සිට පැවැති අරාවුලක් මත  ඉකුත් දා  රාත්‍රියේ   දිවල පල්ලේගම ගම්මානයේ වෙළද සැල අසලදී දෙපිරිස අතර ගැටුමක් ඇතිව තිබේ.

එහිදී මෙම පහරදීම සිදුව ඇති අතර අසල්වාසින් එක්ව තුවාලකරු රෝහල්ගතකර ඇතැත් රෝහලට රැගෙන යන අවස්ථාවේදීම ඔහු මරණයට පත්ව සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.