(ඩයනා උදයංගනී)
ආබාධ සහිත ප්‍රජාවට පිවිසීමේ පහසුකම් සහිත කේන්ද්‍රයක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිහිටුවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යාංශයට ආබාධිත පුරවැසියකුට ප්‍රවේශවීමේ පහසුකම් නැති බවත් එය කණගාටුදායක තත්වයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලය ඇත්තේ එහි තුන්වෙනි මහලේ බැවින් රෝද පුටුවක එන අයකුට ඇමතිවරයා හමුවීමේ පහසුවක් එහි නොමැති බවත් ඇමතිවරයා කීවේය.
ගොඩනැගිල්ලක ආබාධිතයන්ට ප්‍රවේශ පහසුකම් සැලසීම ලෝකයේ නූතන දර්ශකයක් බව කී ඇමතිවරයා එවන් ස්ථානයක් අමාත්‍යාංශ පරිශ්‍රයේ ඇති ඇසිදිසි මැදුරේ පිහිටුවන බවත් ප්‍රකාශ කළේය.
ආබාධ සහිත අයට පිවිසීමේ හැකියාව සහ සියලු පහසුකම් මෙන්ම ආබාධ සහිත වූවන්ගේ සංවිධාන සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ නියෝජිතයෙක් ද එම ස්ථානයේ රැඳවීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍යවරයා කීවේය.

