ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සීමාව පනියි


(රංජන් කස්තුරි)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. 

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදි ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී අපේක්ෂිත ආදායමෙන් රේගුව සියයට 89ක ද සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 64ක ද බදු ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව ද සියඹලාපිටිය මහතා කීවේය.

සුරාබදු ආදායම අඩුවීමට හේතූන් තිබෙන බව ද එහිදී රංජිත් සියඹලාපිටිය මහතා කීය.