ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අයි.එම්.එෆ්  විවාදයට දිගටම සහභාගි වන්නැයි  ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

විවාදයෙන් අනතුරුව පනත සම්බන්ධයෙන්  ඡන්ද විමසීමක්ද  පැවැත්වීමට  බොහෝ දුරට ඉඩ ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල (ශ්‍රී ලංකාව සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විස්තීර්ණ අරමුදල් පහසුකම ) පිළිබඳ  යෝජනාව හෙට(26) අනිද්දා(27) සහ  ලබන 28 වැනිදා  විවාදයට ගැනීමට නියමිතය.

තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇමරිකානු ඩොලර් කෝටි 30ක  විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ සැකසුම ජනාධිපතිවරයා විසින්  පසුගිය මාර්තු 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

එම සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලුම අනුමැතිය, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයට ලබාදිය යුතු යැයි මෙම යෝජනාවෙන් ඉදිරිපත්  කෙරේ.

පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වීමට නියමිතය. මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.