අ‘පුර ගිය බැතිමතුන්ට කොළඹ එන්න විශේෂ දුම්රිය සේවයක්


(මහින්ද නිශ්ශංක  )

පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ පැමිණි බැතිමතුන් හට නැවත කොළඹ දක්වා ගමන් කිරීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් හෙට (14) සහ අනිද්දා ( 15) අනුරාධපුරයේ සිට කොළඹ දක්වා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (14) අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට අලුයම 3 ට සහ  රාත්‍රී  7.45ට දුම්රිය දෙකක් කොළඹ බලා ධාවනය කෙරෙන අතර හෙට (15 ) අලුයම 2ට , උදේ  7.40 සහ උදේ  9.30  ට  තවත් දුම්රිය තුනක් අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මේ අතර අද (13  ) උදේ  7.40 ට අනුරාධපුරයේ සිට තවත් විශේෂ දුම්රියක් කොළඹ බලා ධාවනය වූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශකයකු පැවසීය  .

කොළඹ සිට අනුරාධපුරය දක්වා    ධාවනය කිරීම සඳහා යොදවන ලද විශේෂ දුම්රිය සේවාවේ බැතිමතුන් විශාල පිරිසක් ගමන් කළ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි  .