(හසිත රංග ගුණතිලක)
මෙරට ගොවීන් සතු සමස්ත බඩඉරිඟු අස්වැන්න මිලදී ගැනීම අවසන් වනතුරු බඩඉරිඟු ආනයනය නවතා දැමූ බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන හා වාරිමාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
මේ වනවිට දේශීය බඩඉරිඟු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන බවද අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී වෙළඳපොළ තුළ බඩඉරිඟු අස්වැන්න කුමන ආකාරයකට අඩුවේ දැයි නිශ්චිතව කිවනොහැකි යැයි කී අමාත්‍යවරයා සේනා දළඹු මර්දනය පාලනය කළ නිසා බඩඉරිඟු අස්වැන්න හිතූ තරම් විනාශ වී නැතැයි ද පැවසීය.
සේනා දළඹු උවදුරට හසු වූ බඩඉරිඟු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හානියක් නොමැති බවට කෘෂි විශේෂඥයින් තහවුරු කර ඇති බවද විදෙස් රටවලින් බඩඉරිඟු ආනයනය කිරීමට කොහෙත්ම වුවමනාවක් නොමැති බවද පී. හැරිසන් මහතා කීය.
රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පී. හැරිසන් මහතා මේ බව කීවේය.