(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම අයිතිවාසිකම කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා එමගින් ජනතාවට හැකි වන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය සදහා එක් වෙමිනි.
කොළඹ මහවැලි කේන්ද්‍ර ශාලාවේදී මෙය පැවැත්විණි.
දීර්ඝ ඉතිහාසයක් හිමි මෙරට සෞඛ්‍ය සේවාව ඉදිරියට පත්වා ගෙන යාමේ දී ව්‍යුහාත්මක වෙනසකට ඉතා කඩිනමින් පරිවර්තනය විය යුතු බව ද අමාත්‍යවරයා පැවැසීය.