අලවතුගොඩ කන්දට යට වූ අටක් සොයාගනී


(මොහොමඩ් ආසික්)

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේඇල මුදුනේකඩේ ප්‍රදේශයේ සිදු වී අති විශාල නායයෑමක් හේතුවෙන් අතුරුදන් වූ පවුල් 15 ක පුද්ගලයින් 43 දෙනාගෙන් අට දෙනකුගේ සිරුර හමු වූ බව පොලිසිය කියයි.

ශ්‍රී ලංකා යුද හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මධ්‍යම කඳුකරය ප්‍රදේශයට ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ පෙරේදා (29) අලුයම් කාලයේදී මෙම අති විශාල නාය යෑම සිදුව ඇති අතර එය පාමුල පිහිටි නිවාස මෙලෙස පස් කන්දට යට වී තිබේ.

සිද්ධිය සැල වීමත් සමඟ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, අලවතුගොඩ පොලීසිය , එක්ව ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීම මත පස් කන්දට යටව ඇති පිරිස් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය.