
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය
වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග වෙළඳ සංස්ථාව ස්ථාපිත කරලා තියෙනවා.

