අර්බුදය ගැන මහින්ද කතා කරයි


(ෂේන් සෙනෙවිරත්න)

රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට වත්මන් රජය යටතේ උත්සාහ කරනවා. එසේ නොවුණහොත් වෙනත් විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .

හිටපු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ බව අවධාරණය කළේය .

අයුක්තියට විරුද්ධව ජනතාව මේ අවස්ථාවේදි අවංකව නැගී සිටිය යුතු බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කළ හැකි ඕනෑම රජයකට ඉදිරියේදී තම සහාය ලබාදෙන බව ද පැවසීය .

ජනතාව මේ අවස්ථාවේදී එකමුතුව සහයෝගයෙන් ඉදිරියට යා යුතුව තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .