අයි.පී.ට ගිනි අවිය එල්ල කළ පී.සීගේ වැඩ තහනම්


(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාලබේ පොලිස් ස්ථානය තුළදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළැයි කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඉකුත් (15) සැකකාර සැරයන් සහ පරීක්ෂකවරයා අතර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන බහින්බස් වීමක් සිදුව ඇති බවත්, එහිදී සැරයන් වරයා ටී 56 ගිනි අවියක් එල්ල කර උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ පොලිස් ස්ථානයේ සිටි පිරිස සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත.

පලා ගිය පොලිස් කොස්තාපල්වරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.