අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි


(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට මිල අඩු කළ ඉන්ධන වර්ගවල මිල ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද අඩු කළ බව එම සමාගම පවසයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින්, සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත් ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 333 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 ක්, සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් බවත් අයි.ඕ.සී. පවසයි.