(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇතැම් පාලකයන් රටට කරපු නරක සමඟ සසඳා බලන විට අයි.එම්.එෆ් කොන්දේසි දේවාශීර්වාදයක් බව සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයි.එම්.එෆ් කොන්දේසි වලට වඩා නරක දේවල් පාලකයන් හරහා රටේ සිදුවී තිබෙන බවද කබීර් හෂීම් මහතා කීය.
මේ රටේ පාලකයන් රටට කළ නරක දේවල් සහ මූල්‍ය අරමුදලේ යහපත් කොන්දේසි උදාහරණ සහිතව පෙන්වා දිය හැකි බව කී කබීර් හෂීම් මහතා විදේශිකයන්ට බදු සහන දීම නතර කරන්නැයි මූල්‍ය අරමුදලේ කොන්දේසි වල තිබෙන බව සඳහන් කළේය.
ලංකාවේ පාලකයන් ෂැන්ගිලා හෝටලය තියෙන ඉඩම වසර 40 ක බදු සහන සමග විදේශකයන්ට දුන් අතර තඹ සතයක් එයින් රටට ලැබෙන්නේ නැතැයි ද මන්නාරමේ සුළං බල කම්හල පවා ප්‍රසම්පාදන කටයුතු තොරව අදානිට දීලා තියෙන අතර මේවා ජාතික අපරාධ බව කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

