අයවැය ගැන විපක්ෂයට උගන්වන්න වෙලා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අයවැය ලේඛනයක් කියන්නේ කුමක්දැයි විපක්ෂයට මුල සිට උගන්වන්නට සිදුවීම කණගාටුවට  කරුණක් බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"අයවැය ලේඛනයක් කියන්නේ මොකක්ද කියා මේ පාර්ලිමේන්තුවට නැවත මතක් කර දීමට සිදුවීම ගැන කණගාටු වෙනවා .අයවැය යෝජනාවල තිබුණු යම් කරුණු කීපයක් ගැන විපක්ෂ නායකතුමා ගෙන හැර දැක්වූවා.අප පාර්ලිමේන්තුවට විසර්ජන පනතක් ඉදිරිපත් කර ඊට පසුව මුදල් ඇමති අයවැය කතාවක් කරනවා.අයවැය ‍ලේඛනය කියන්නේ රජයේ ඉදිරි ගමන් මග සැලසුම් පිළිබඳව ප්‍රක්ෂේපණයක්.2025 අයවැය ‍ලේඛනයේ කරුණු ඉටුකර නැතැයි චෝදනා කළා. කොහෙන්දෝ මුල් මාස හයේ වාර්තාවක් උපුටා දක්වමින් මේ චෝදනාව කළා. අපට තව මාස තුනක් තියෙනවා. සමහර අමාත්‍යාංශ සීයට 70 ඉක්මවා වියදම් කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.