
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )
හෙට සහ අනිද්දා අමාත්‍යාංශ හයක වැය ශීර්ෂ විවාද පැවැත්වීමට නියමිතය.
මේ අනුව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය,කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ විවාද හෙට (1) පැවැත්වේ
වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි සහ යටිතල පහසුකම් අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාද අනිද්දා (2) අඟහරුවාදා
පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම වැය ශීර්ෂ විවාද සඳහා පාර්ලිමේන්තුව රාත්‍රී 12 දක්වා රැස්වීමට නියමිතය.

