අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා


(අමිල චින්තක ගමගේ)

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජන හමුවකට එක්වෙමිනි.

ඉදිරියේදී ජනතාවට අමාත්‍යාංශවල වැඩපිළිවෙළ විනිවිදව දැක ගත හැකි වන බවද හදුන්නෙත්ති  මහතා මෙහිදී කීය.එසේම අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු නිතරම ජනතාවට මුණගැසෙන පුද්ගලයන් බවට පත් විය යුතු යැයිද ඔහු සඳහන් කළේය.

රූපවාහිනිය, සමාජ මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යයන් වලට මෙහිදී විශේෂ වගකීමක් පැවරී ඇති බවත් අමාත්‍යාංශවල අඩුපාඩු පෙන්වා දෙන ලෙස ඒ අයට ආරාධනා කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී සදහන් කළේය.