අම්බුලුවාවේ ජෛව විවිධත්වයට-පාරිසරිකත්වයට හානි වන ලෙස ඉදිකිරීම්


 (ජේ.කේ.එල්. චාමින්ද)

 අම්බුළුවාව පරිශ්‍රයේ  ජෛව විවිධත්වයට  හා පාරිසරික තත්ත්වයට  හානිවන පරිදි  විවිධ ඉදිකිරිම්   සිදුකරමින් පවතින බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

අම්බුළුවාව පරිශ්‍රයේ   කදු සහිත ස්ථාන තැනිතලා කරමින්  පස්කැපිම හා ගල්කැඩිම සදහා  2021 වර්ෂයේ දි  රුපියල් 3,726,540 මුදලක් වැයකොට තිබුණි.

පස්කැඩිම සහ ගල්කැඩිම නිසා  ජෛව විවිධත්වයට සහ  පාරිසරික තත්ත්වයන්ට  හානි සිදුවි  තිබුණි.

මෙම කටයුතු සදහා  භුවිද්‍යා සමික්ෂණ සහ  පතල් කැණිම් කාර්යංශයේ  සහ මධ්‍යම පරිසර අධිකාරියේ  නිර්දේශ හා අනුමැතිය  ලබාගෙන නොතිබුණි.

මෙකි ආයතනවල අනුමැතිය ලබානොගෙන  ජෛව විවිධත්වයට හානිවන ලෙස  කටයුතු කිරිම සම්බන්දයෙන්  ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

කෙසේවුවද  ඉකුත් වර්ෂයේ (2024) සැප්තැම්බර් මස වනවිටත් ජෛව විවිධත්වයට  හා පාරිසරික තත්ත්වයට  හානිවන පරිදි  විවිධ ඉදිකිරිම්   සිදුකරමින් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 අම්බුළුවාව  දිසානායක මුදියන්සේලාගේ  ජයරත්න  ආගමික මධ්‍යස්ථානය සහ  ජෛව විවිධත්ව  සංකිරණභාර අරමුදල සම්බන්දයෙන් (2021-2023)  විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති  ත්‍රෛවාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව  ඇත.