(ප්‍රදීප් කුමාර)
වව්නියාව නගර සීමාව තුළ අයාලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට නගර සභා කටයුතු යොදා ඇත. රිය අනතුරු අවම කරගැනීම මෙහි මුලික අරමුණ බව ද වාර්තා වෙයි.
අනතුරුව එම ගවයන්ගේ අයිතිකරුවන් ගෙන්වා එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වව්නියාව නගර සභාව විසින් පියවර ගෙන තිබේ
අයාලේ සැරිසැරූ ගවයින් අල්ලා නගර සභාවට අයත් ස්ථානයක මේ වන විට ගාල් කොට ඇති අතර ගව හිමියන්ට දඩ නියම කිරීමෙන් අනතුරුව ගවයින් නිදහස් කිරීමට අවසර ලබා දී තිබේ

