
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුරයේ ආරම්භ කළ වගා ළිං හාරසීයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙනුත් අපේක්ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවී පාඩු සිදු වීමේ සිද්ධියක් ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විමර්ශනයක් අරඹා ඇත.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2017 වර්ෂයේදීය.
මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ ගිණුම්කාරක සභාවට දැනුම් දී ඇත.
ඉදිරියේදී නිවැරදි ප්‍රතිලාභියා හඳුනාගැනීමෙන් පසු ඔවුනට පමණක් ප්‍රතිලාභ ලබා දෙන ලෙස කාරක සභාව එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

