(යොහාන් භාසුර)
සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් රාත්‍රී කාලයේ අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව අනිද්දා (2) සිට නැවත ආරම්භ වේ.
අනිද්දා (2) සහ 3 වැනිදා දිනවල පැය දෙකක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.
ඒ අනුව ‘ඒ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පස්වරු 2.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැයක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා රාත්‍රී පැයක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.