
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහ නුවර මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත .බවුසරයේ ගැටුණු මෝටර් රියේ පැත්තක් සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී තිබිණි .
මෝටර් රථයේ ගමන්ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනා තුවාල ලබා ඇති අතර එහි රියදුරු බරපතල තත්වයෙන් යුතුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බවුසරයේ රියැදුරාට මෙම අනතුරින් හානියක් වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි .
නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි

