(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේදී නවතා තිබූ ලොරි රථයක පිටුපස ඉන්ධන ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි
අනතුරින් බරපතළ තුවාල ලැබුවේ බවුසරයේ ගමන් ගත් පුද්ගලයකු සහ ලොරි රථයේ රියදුරු බවත් පොලිසිය කියයි
එම අනතුරක් සමඟම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම දොඩම්ගොඩ කොටසේ වාහන ධාවනය රාත්‍රී 10 සිට අලුයම 6 පමණ දක්වා පැය 8 කට ආසන්න කාලයක් එම කොටස ව තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව රථවාහන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය
කොළඹ සිට දෙනියායට අල, ලූනු තොගයක් රැගෙන යමින් සිටි ලොරි රථයේ ටයරයක ඇති වූ ආපදාවක් හේතුවෙන් ලොරිය කිලෝමීටර් 29 දශම 9 ප්‍රදේශයේ නවතා රෝදය මාරු කරමින් සිටියදී මුතුරාජවෙල සිට ගාල්ලට පැට්‍රල් ඉන්ධන ලිටර් 33000 රැගෙන යමින් සිටි බවුසරය ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි