(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව අධිකරණයෙන් රිමාන්ඩ් බාරයට පත් කළ අයිස් ජාවාරම් කරුවකු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ ඉහළ මාලයෙන් බිමට පැන පළා යාමට තැත් කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ මාලයෙන් බිමට පනින අවස්ථාවේදී පාදයක් බිදී තුවාල ලබා ඇතැයි ද පොලිසිය කියයි.
මෙම සැකකරු අයිස් ජාවාරම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලබා සිටි පුද්ගලයකු වන බව ද පොලිසිය කියයි.
එම අවස්ථාවේ දී තමාට එරෙහිව තවත් නඩුවක් ගොනු කොට ඇති බව දැනගත් සැකකරු කලබලයට පත් වී එක්වරම බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී දිවගොස් දෙවන මහලෙන් බිමට පැන පලායාමට උත්සාහ දරා ඇතැයි පැවසේ .
එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් හා පොලීසිය එක්ව සැකකරු බන්ධනාගාර භූමියෙන් පිටතට පළා යාමට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි .
ඉහළ මාලයෙන් බිමට පනින අවස්ථාවේදී සැකකරුගේ පාදයක් බිඳීම නිසා සැකකරු එම අවස්ථාවේදී රෝහල් ගතකොට මූලික ප්‍රතිකාර ලබාදී පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටී "මත්තෙගොඩ කට්ටා " නැමැත්තකු බව පොලිසිය කියයි .

