(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවන ක්‍රමය වෙනස් කරන බව කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යනු විෂය මාලාව වෙනස් කර තිබෙන පාඩම් මාලාව වෙනුවට තව පාඩම් මාලාවක් හඳුන්වා දීම පමණක් නොවේ. අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අප බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජාතික අධ්‍යාපනය ,ප්‍රවාහනය මෙන්ම සෞඛ්‍යයේ ජාතික ප්‍රතිපත්ති සකස් සකස් කරන්න අප බලයට එන්න පෙර සිටම අදහසක් තිබුණා.පන්තියක දරුවෙක් ඉගෙන ගන්නා පාඩම් මාලාවෙන් එහා ගොස් ගෝලීය පුරවැසියා නිර්මාණය කිරීම සඳහා අප පළමු පියවර තබා තිබෙනවා. අනාගත සුහුරු වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියෙක් අප නිර්මාණය කළ යුතුව තිබෙනවා.2035 වැඩ ලෝකයට ගැලපෙන ලෙස එය කළ යුතුයි. අප හැමදාම දැක්කේ විෂය උගන්වා විභාග ලකුණු ක්‍රමයකින් මනින අධ්‍යාපනයක්.එතනින් එහාට ගොස් සංකල්ප වලින් අප දරුවන්ගේ අධ්‍යාපනය පෝෂණය කළ යුතුයි. සතුටින් ඉගෙනීමට අවස්ථාව තිබිය යුතුයි .ක්‍රීඩාවට සහ විභවතාවයට ඉඩ තිබිය යුතුයි.එමෙන්ම අධ්‍යාපනයේ බර මව්පියන් මත පටවා තිබීම අඩු විය යුතුයි.අවසානාත්මක අධ්‍යාපනය මෙය යැයි තවම දැඩි තීරණයක් අප තුළ නැහැ. ඔබේ අදහස් යෝජනා අපට ලබා දෙන්න.වෘත්තීය අධ්‍යාපනයට ප්‍රමුඛතාව දෙන අතර මානව ශාස්ත්‍ර විෂයන් වලටත් නිසි තැනක් ලබා දෙනවා යනුවෙන්ද අමාත්‍යවරිය කීවාය.