අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ හරය ඇත්තේ රනිල්ගේ ධවල පත්‍රිකාවේ


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගය ආණ්ඩුව ඉදිරිපත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල හරය තිබෙන්නේ රනිල් 1981 දී ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවේ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය අපේ පක්ෂය මෙන්ම අපේ මව් පක්ෂයත් සිදුකළ බව කිව යුතුයි.අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අප සහාය දෙනවා. නමුත් මේ කියපුවා කරන්න  හදවතින්ම රජය එකඟ විය යුතුයි. පාර්ලිමේන්තු සභා ගැබට පමණක් මේ කතා සීමා වෙන්න බෑ.අධ්‍යාපන ව්‍යුහය පිළිබඳව තීරණයක් ගැනීම අරමුණ බව ජනපති කිව්වා.මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන පුළුල් කතිකාවතක් රටේ ඇති කළ යුතුයි.එසේ නොකළහොත් කලින් වතාවල වගේ මේවා කඩාකප්පල් වෙනවා.කන්නංගර මැතිතුමා ඇරඹූ ජාතික අධ්‍යාපන වැඩපිළිවෙළ අපි ඉදිරියට ගෙන යනවා.

1981 වසරේ රනිල් වික්‍රමසිංහ කෙනාපු ධවල පත්‍රිකාව ගැන කතා කළ යුතුයි. අද ඉදිරිපත් කරන ප්‍රතිපත්තියේ මූලික හරය තිබෙන්නේ එම ධවල පත්‍රිකාවේ. 

එය සසඳා බලන්න. ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද?කිසිම වෙනසක් නැහැ.අනෙක 2015- 2019 කාලේ වසර දහතුනක අධ්‍යාපනය අනිවාර්යය කළා. මේක අලුත්ම දෙයක් නොවේ.කරගෙන ආපු දේවල් ඉදිරියට ගෙන යාමයි යනුවෙන්ද ආචාර්ය හර්ෂද සිල්වා මහතාා කීය.