
(රංජන් කස්තුරි)
ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම හේතුවෙන් අධ්‍යාපන පරිපාලන නිලධාරින්ට වැටුප් විෂමතාවක් ඇති වී ඇතැයි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිතයන්ගේ සංගමය සඳහන් කරයි.
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියකුගේ වැටුප එම කාලයේම සේවයට එක් වූ ගුරුවරයකුගේ වැටුපට වඩා අඩුවී ඇතැයි ද ශ්‍රී ලංකා අධ්‍යාපන පාරිපාලන සේවා වෘත්තියන්ගේ සංගමයේ ලේකම් නීල් එස්. අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
එම ගැටළුව විසැඳීමට නම් අධ්‍යාපන පරිපාලන නිළධාරින්ගේ වැටුප් ගැලපීමක් සිදුකර වැටුප් වර්ධන දෙකක් එකතු කිරීම සිදුසු බවට තම සංගමය අධ්‍යාපන අමාත්‍යශයට යෝජනා කළ බව ද ඔහු කීය.
විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී වෘත්තීය සමිත් ක්‍රියාමර්ගයක් ගන්නා බව ද ලේකම්වරයා පැවැසීය.

