අදත් තැන් තැන්වලට පොඩි පොඩි වැසි


(ඩයනා උදයංගනී)

මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද (15) සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.