අද දවසේ වැස්ස ගැන කාළගුණය මෙසේ කියයි


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ වයඹ පළාත්වල ද වැසි ස්වල්පයක් ඇති වේ.

ඌව පළාවතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලවේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාවතෙත් පුත්තලම, හම්බනවතාට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත්  විටින විට  පැයට කිලෝ මීටර් 40 -45  ක පමණ තද සුළං ඇතිවිය හැකියි.