උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වලාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරුමැද සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලගේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද පළාතෙත් පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40-45 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

