ශ්‍රී ලංකාව පුරා මේ වන විට බලපැවැත්වෙන ඇඳිරි නීතිය සහ කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් අද (21) සහ සඳුදා (23) දිනයන්හිදී ලංකාදීප පුවත්පත පළ නොවන බව අපගේ හිතවත් පාඨකයන්ට දැනුම් දෙමු.
එසේ වුවද ලංකාදීප කාර්යමණ්ඩලය තම තමන්ගේ නිවෙස්වල සිටිමින්, ලංකාදීප පාඨකයන් වෙනුවෙන් සිය වගකීම ඉටුකරමින් සිටී. අප වෙත ලැබෙන සෑම ප්‍රවෘත්තියක්ම එය ලැබුණු විගසින් ලංකාදීප අන්තර්ජාල සංස්කරණය ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
කිසිදු අතිරේක ගෙවීමකින් තොරවම ලංකාදීප වෙබ් අඩවියට පිවිසීමට ඔබට හැකියාව ඇති අතර ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකය පුරාම සිදුවන තොරතුරු නිවසේ සිටින ඔබගේ අත්ල මතට අපි ගෙන එන්නෙමු.

