(අංජුල මහික වීරරත්න)
ජුලි මාසයේදී පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ජුනි මාසයේදී ම අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අවසන් කර ආධාර සමුළුව පවත්වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
ඉන්දියාවේ හින්දු පුවත්පත සමග විශේෂ සාකච්ඡාවක් පවත්වමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කීවෙි විසර්ජන පනත් කෙටුම්පත ජූලි මාසයේදී ගැසට් කරන අතර කවුරුවත් ඒ ගැන උසාවි නොයන්නේ නම්, නිසැකවම ජුලි මාසය අවසානයේ එය විවාද කළ හැකි බවයි.