(නිමල කොඩිතුවක්කු)
රජය සංචරණ සීමා පැන වුවත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් සදහා පමණක් විශේෂ දුම්රිය පහක් යොදවා ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍ය අධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි.
එම දුම්රිය හෙට (13) සිට ක්‍රියාත්මක වන බව ද ඒ මහතා කියයි
ඒ අනුව උදෑසන 5.00ට මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් උදෑසන 4. 45 ට මහව සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 5.50 ට හලාවත සිට කොළඹ කොටුව දක්වාත්, උදෑසන 7.00ට බෝලවත්ත සහ පුත්තලම අතරත් උදෑසන 4:30 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා මෙම විශේෂ දුම්රිය යොදවා ඇතැයි සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
කොළඹ කොටුවෙන් පස්වරු 5.45ට මහනුවර දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 6.00ට මහව දක්වාත්, කොළඹ කොටුවෙන් පස්වරු 5:18 ට හලාවත දක්වාත්, පුත්තලම සහ බෝලවත්ත අතර පස්වරු 4.00 ටත්, මරදාන සිට බෙලිඅත්ත දක්වා පස්වරු 4.40 ටත් එම දුම්රියන් යළි ගමන් කිරීමට නියමිතය.
මෙම දුම්රියන් කිසිදු උප දුම්රිය ස්ථානයක නතර නොකරන අතර ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නවත්වන බව ද සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
එම දුම්රියවල ගමන් ගන්නා පුද්ගලයින් තම අනන්‍යතාවය (රාජකාරි ඇඳුනුම් පතහා අයතන ප්‍රධානියාගේ සහතිකය )තහවුරු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

