(රංජන් කස්තුරි)
මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ඖෂධවල කිසිදු හිඟයක් නැතැයිද ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ සභාපතිනි කස්තුරි චෙල්ලරාජා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
මේ වනවිට රට පුරා මාස තුනක පමණ කාලයකට සෑහෙන පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හා අනෙකුත් ඖෂධ තොග තිබෙන බවද සභාපතිනිය කීවාය.
එම නිසා කොරෝනා වයිරසය පැතිරයාම හේතුවක් කොටගෙන අනවශ්‍ය ලෙස ඖෂධ මිලදීගැනීමෙන් වළකින්නැයිද සභාපතිනිය පැවසුවාය.
ඇතැම් පාරිභෝගිකයන් මාස දෙකතුනකට පමණ සරිලන ඖෂධ මිලදී ගන්නා බවට තොරතුරු හෙළි වී ඇතැයි කී සභාපතිනිය එවැනි කටයුතු බුද්ධිගෝචර නැතැයිද කීවාය.

