අජිත් ප්‍රසන්නගේ ඇප අයැදුම ඉවතට


උසාවි වැඩි කරන්න කැබිනට් එකඟයි | දිනමිණ

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු විභාගයක් ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපෑම් කිරීම හා අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා ඇප ඉල්ලා ගොනු කළ ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.

ඇපයක් ලබා දීමට සඳහා ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම ඇප ඇයැදුම ප්‍රතික්ෂේප කෙරිණි.

දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තමා සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා අජිත් ප්‍රසන්න මහතා ගොනු කළ ඇප අයැදුමක් සලකා බලමින් අභියාචනාධිකරණ මෙම නියෝගය ලබා දෙන ලදී.

අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම ඇප අයැදුම කැඳවිණි.

ගොනු කළ ඇප අයැදුම්පතෙහි මෙසේද සඳහන් විණි.

පෙත්සම්කරු විශ්‍රාමික මේජර්වරයෙකි.නීතීඥවරයෙකි.

අධිකරණය හමුවේ පවතින නඩුවක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා කරුණු දැක්වීමෙන් එම නඩුවට බලපැම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවතින නඩුවකට කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ දියණිය මානසික අවපීඩන තත්ත්වයට ගොදුරුව සිටී.

එබැවින් මෙම තත්ත්වය සලකා තමා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

නීතීපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.