(නාලක සංජීව දහනායක)
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113ක බහුතර බලය පෙන්විය යුතුයැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක සඳහන් නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (07) පැවසීය.
මේ මොහොතේ බහුතර බලය නව රජය සතුව පවතින බැවින් නව රජයට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිළිබඳව කිසිඳු ප‍්‍රශ්නයක් නැතැයිද අමාත්‍යවරයා කීය.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.
‘‘පාර්ලිමේන්තුව කල්දැමූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. සෑම ජනාධිපතිවරයකුම පාර්ලිමේන්තුව කල් දැම්මා. බහුතර බලය නැතිව 1960 දී ඩඞ්ලි සේනානායක මහතාත් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ බහුතර බලය ගැන කාතාකරන කවුරුත් ඒ ඉතිහාසය නැවත කියවිය යුතුයි. කවුරුන් කුමක් කීවත් මේ මොහොතේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ අපිටයි. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.
අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 113 ක බහුතර බලය පෙන්විය යුතු යැයි ව්‍යවස්තාවේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ. වර්තමාන කතානායකවරයා ගණන් දන්නේ නැහැ.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත්කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් පිළිගත් පසුව පාර්ලිමේන්තුවේ ආසන පැනවීම පිළිබඳව කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව නව අගමැතිවරයා තමන්ට නියමිත අසුනේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වෙනවා. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟන් සියලුම දෙනාටම සහන රැසක් ලැබෙනවා.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයේදී මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (07) වැඩබාර ගැනීමෙන් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව